Culture

The easiest way to learn Japanese on YouTube

  • このエントリーをはてなブックマークに追加

YouTubeで日本語を学ぶ最も簡単な方法
YouTube හරහා ජපන් ඉගෙන ගන්න පහසුම මග

 

අපි සමන්‍යයෙන් හුරු වෙලා ඉන්නෙ  අමතර භාෂාවක් ඉගෙන ගන්නවනම් පන්තියකට හරි ගිහින් ඉගෙන ගන්නෙ. පන්ති යන්නම් අපිට සල්ලිත් තියෙන්න ඕන.එත් අපි අද කතා කරන්නේ සල්ලි කියක්වත් වියදම් නොවී කොහොමද ජපන් ඉගෙන ගන්නේ කියලා.
අපි ඔයලට හදුන්වා දුන්නා මතකද “පහසුවෙන් ජපන් ඉගෙන ගන්නටනම්” කියන පොත. අපි ඒ පොතේ ඇති ඉතාමත් වැදගත් පාඩම් අපගේ Youtube Channel එක හරහා ඔයාලට ඉගෙන ගන්න අවස්ථාව ලබා දී තිබෙනවා දැනටමත් පාඩම් 5ක්  අතුල් කර තිබෙනවා.
මෙම පොත මින්නනෝ නිහොගෝ අනුසාරයෙන් ලියලා තියෙන නිසා ජපන් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට ඉතාමත් හොදයි. ජපන් ඉගෙන ගන්න ගොඩක් සල්ලි වියදම් කරන්නේ නැතුව ලෙහෙසියෙන්  YouTube බලන ගමන් මෙම පොතත් සමග ඔයාට ඉගෙන ගන්න පුලුවන්.
පහසුවෙන් ජපන් ඉගෙන ගන්නට නම් පොතේ තිබෙන ආකාරයටම අපගේ YouTube Channel එක හරහා ඉගෙන ගන්න ලැබීම ජපන් භාෂාව ඉගෙන ගන්න ඉන්න ඕනෑම කෙනෙකුට ලැබෙන වටිනා අවස්ථාවක් කියල කියන්න පුළුවන්.
බොහෝ දෙනෙක්ට තියෙන අනෙක් ප්‍රශ්නය තමයි වෙලාව නැතිකම. job එකක් කරන ගමන් ඉගෙන ගන්න අමාරුයි කියල ගොඩක් අය කියන්නේ රැකියාවක් කිරීමේදී ඇතිවන වෙහෙසත් සමගනේ. ඉතින් ඔයාලට පුළුවන් ගෙදර ඇවිල්ල විවේකිව ඉන්න වෙලාවේ ජපන් ඉගෙන ගන්න. එකට කරන්න තියෙන්නේ අපේ  YouTube Chennel එක subscribe කරලා එයට සවන් දෙන එක පමණයි. හැබැයි අපේ  “පහසුවෙන් ජපන් ඉගෙන ගන්නටනම්” පොත ඔයා ගාව තිබ්බොත් අපි පැහැදිලි කරන දේවල් තේරුම් ගන්න තවත් ලෙහෙසියි.
අපි බොහෝ විට YouTube හරහා කතා කරන්නේ  ජපන් භාෂාවේ ව්‍යාකරණ, නිතර භාවිතා වෙන යෙදුම්, ජපන් කතා කිරීමේදී නිතරම අවශ්‍ය වන අප දැන ගත යුතු දේවල් මෙන්ම, ජපන් ජාතිකයන්ගේ අත්දැකීම්, ජපන් යෑමට බලාපොරොත්තු වෙන අය දැනගත යුතු කරුණු, මේ වගේ විවිධ මාතෘකා යටතේ ජපානය ගැනත් හා ජපන් භාෂාව ගැනත් ජපන් යාමට පෙර දැනගැනීම ඇත්තෙන්ම හොද අවස්ථාවක් නේද?
Subscribe- https://www.youtube.com/channel/UCZnZx_p1rUeZL7VLVp8Qc9w
  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views