Japanese

මෙතන,ඔතන,අතන ජපන් වලින් කියන්නේ කොහොමද….?

  • このエントリーをはてなブックマークに追加

හතරවෙනි පාඩම

 අද පාඩමේ අලුත් වචන
としょかん toshokan පුස්ථකාලය
びょういん byōin රෝහල
いえ ie නිවස
おてあらい otearai නාන කාමරය
හතරවෙනි පාඩම හැටියට අපි අද ඉගෙන ගන්න හදන්නේ මෙතන ,එතන/ඔතන ,අතන හා කොතනද කියල අහන විදිහ……..

koko wā ~ des(u)

“මෙතන බල්ලෙක් “,”මෙතන පන්සලක් “වගේ වාක්‍ය අපි නිතරම පාවිච්චි කරනවනේ…..ජපන් වලින් කියන විදිහ තමයි මේ තියෙන්නේ.

 ここは としょかんです。
koko wā toshokan des(u).
මෙතන පුස්තකාලයක් (වේ).

 soko wā ~ des(u)

එතන/ඔතන කියන එක ජපන් වලින් කියන්නේ soko කියලා.ඒකත් හැදෙන්නේ කලින් කියපු  koko පාවිච්චි කරන විදිහටමයි.

 そこは びょういんです。
soko wā byōin des(u).
එතන/ඔතන රෝහලක් (වේ ).

~ wā asoko des(u)

දුර තියන දෙයක්,පුද්ගලයෙක් ,ස්ථානයක්  පෙන්නලා ඒ ගැන කියනකොට මේ asoko   කියන වචනය යොදා ගන්නවා.

やまださんのいえは あそこです。
yamadasan no ie wā asoko des(u).
 යමදා මහතාගේ නිවස අතන (වේ ).

koko/soko/asoko wā  ~ des(u)kā

දැන් වෙනකම් අපි ඉගෙනගත්ත ව්‍යාකරණ රටාවල අගට kā  දැම්මොත් ඒක ප්‍රශ්නයක් බවට පත්කළ හැකියි.

 ここ/そこ/あそこは とうきょうですか。
koko/soko/asoko wā tōkyō des(u)kā.
මෙතන/එතන/අතන තෝකියෝ නගරයද?

 මේ වගේ ඇහුවොත් ඒකට උත්තරයක් විදිහට පහතින් දැක්වෙන එක කියන්න පුළුවන්.

 …….はい、そうです。
…….hai,sōdes(u).
…….ඔව් එතන  තමයි.

 ~  wā doko des(u)kā

මෙතන,එතන/ඔතන ,අතන කිව්වට පස්සේ කොතනද කියලා අහන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් නේද…….පහතින් දක්වලා තියන උදාහරණ පොඩ්ඩක් බලන්නකෝ……

 おてあらいは どこですか。
otearai wā doko des(u)kā.

නාන කාමරය කොතනද?

 ඒ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න ඕනේ නම් මෙන්න මේ විදියට දෙන්න පුළුවන්.

 …….あそこです。
…….asoko des(u).

…….අතන.

අද පාඩම මෙතනින් ඉවරයි.අද පාඩමක් බලලා ඔයාලගේ දැනුම වැඩිකරගන්න උත්සාහ කරන්නකෝ…….
  • このエントリーをはてなブックマークに追加

Views