Japanese

ජපන් භාෂා පාසලක සම්මුඛ පරීක්ෂණයකදී අසනු ලබන ප්‍රශ්න…

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂා පාසලකට ඇතුල් වීමේදී , අසනු ලබන ප්‍රශ්න පිළිබඳව කලින් දැනසිටීම , පාසලට ඇතුලත් වීමට සිටින ඔබ සැමට ප්‍රයෝජනවත් යයි සිතමි . එම ප්‍රශ්න මොනවාද යන්න පහතින් දැක්වේ .

 

1 . 自己紹介をしてください。 – තමන් ගැන හැඳින්වීමක් කරන්න .

名前 – නම

年齢 – වයස

家族 –   පවුල

趣味 – විනෝදාංශය

2 . 時間、数字   –   වෙලාව , ඉලක්කම්

  1. 今スリランカは何時ですか? – දැන් ලංකාවේ වෙලාව කීයද ?
  2. 今日は何時に起きましたか? –   අද කීයටද අවදි වුණේ ?
  3. 昨日は何時に寝ましたか? –   ඊයේ   කීයටද නිදා ගත්තේ ?
  4. 明後日は何曜日ですか? – ඉන්අනිද්දා කවදාද ?
  5. 一昨日は何曜日ですか? – පෙරේදා කවදාද ?
  6. 日曜日にあなたはどこへ行きますか? – ඉරිදට ඔයා කොහෙද යන්නේ ?
  7. 電話番号は何番ですか? – දුරකථන අංකය කීයද ?
  8. 明日は何月何日ですか?-   හෙට කොයි මාසේ කොයි දිනයද ?
  9. 昨日は何をしましたか? – ඊයේ මොකද කළේ ?

3 . 家族                        – පවුල

  1. 家族は何人ですか?- පවුලේ කීදෙනක් ඉන්නවද ?
  2. 弟はいくつですか? – මල්ලිට වයස කියද?
  3. あなたは子供一人ですか? – ඔයා පවුලේ 1ම ළමයද ?
  4. お父さんの仕事はなんですか? – පියාගේ රැකියාව කුමක්ද ?
  5. お母さんは仕事をしますか?- මව රැකියාවක් කරනවද ?

4 . 天気 – කාලගුණය

  1. 今日は暑いですか?寒いですか? – අද රස්නෙයිද ? සීතලද ?
  2. 雨が降りますか?晴れですか?、曇りですか? -වැස්ස වහිනවද ? පායලද ? වලාකුළු සහිතද ?
  3. 今日は雨ですか? – අද වැස්සද ?

 

 

5 . どこ、だれ、なに – කොහෙද , කවුද , මොකක්ද ?

  1. どこで誰と食べましたか? – කොහේදී කාත් සමගද කෑවේ ?
  2. だれと何を食べましたか? –   කාත් සමග මොනාද කෑවේ ?
  3. 好きな食べ物は何ですか? – කැමතිම කෑම මොකද්ද ?
  4. 嫌いな食べ物はなんですか? – අකමැතිම කෑම මොකද්ද ?
  5. 昼ご飯を食べましたか? – දවල් කෑම කෑවද ?
  6. 今日の朝コーヒーを飲みましたか? – අද උදේ කෝෆි බිව්වද ?
  7. おいしかったですか? –   රසවත්ද ?
  8. お酒をのみますか? – මත්පැන් බොනවාද ?
  9. タバコを吸いますか? – සිගරට් බොනවාද ?
  10. チキンと魚はどちらが好きですか? – කුකුල් මස් හා මාළු අතරින් මොනාටද කැමති ?

6 . 理由 – හේතු

  1. 日本語をどのぐらい勉強していますか? – ජපන් භාෂාව කොච්චර කාලෙක සිටද ඉගෙනගන්නේ ?
  2. 日本で何を勉強しますか? – ජපානයේදී මොනාද ඉගෙන ගන්නේ ?
  3. どうして日本語を勉強したいですか? ඇයි ජපන් භාෂාව ඉගෙන ගන්න කැමති ?
  4. 日本語を勉強します。それから何をしますか?- ජපන් ඉගෙන ගන්නවා .ඊට පස්සේ මොකද කරන්නේ ?
  5. 日本に行きます。なにをしますか?ජපානයට යනවා . මොකද කරන්නේ ?
  6. 日本でITをべんきょうしますか?ජපානයේදී තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්නවද ?
  7. 将来どうしますか? – අනාගතයේදී මොකද කරන්නේ ?

 

 

  • このエントリーをはてなブックマークに追加

Views