Japanese

ජපානයේ කැරෝකේ , කොරියාවේ නොරෙපන් දන්නවද ???

  • このエントリーをはてなブックマークに追加

ඔයත් විනෝදකාමී කෙනෙක්ද ??

ඔයත්  විනෝදකාමී කෙනෙක්ද ? එහෙනම් , ජපානයට කොරියාවට ගියොත් අනිවාර්යෙන්ම යන්නම ඕනේ තැනක් තමයි කැරෝකේ   එහෙමත් නැත්නම් නොරේ පන් කියන්නේ . කැරෝකේ , නොරෙපන් ගියොත් ඔයාලට අනිවාර්යෙන්ම හොදට විනෝද වෙලා , සිංදු කියල , නටල එන්න පුළුවන් . ඒ නිසා  ජපානේ , කොරියාවේ යනවනම් , අනිවාර්යෙන් මේ ස්ථාන වලට යන්න අමතක කරන්න එපා .

 

      

 

මොනාද මේ කැරෝකේ , නොරෙපන්

ඔයා දන්නවද  මේ  කැරෝකේ , නොරෙපන්  කියන්නේ මොනාටද කියල . ඇත්තටම ජපානේ කරෝකේ, කොරියාවේ  නොරෙපන් කියල කියන්නේ , අපි යම් මුදලක් ගෙව්වම , ලැබෙන කාලය අනුව  තමන්ට කැමති විදියට සිංදු කියල නටල  එන්න පුළුවන් තැනක් .

ඇත්තටම ජපානේ කැරෝකේ වලට ගිහින් අපි සිංදු කියද්දී දැනෙන්නේ  , අපි වේදීකාවක ඉඳන් සිංදු කියනවා වගේ .ඒත් වෙනසකට තියෙන්නේ , අපි සිංදු කියන දිහා කව්රුත් බලන් ඉන්නේ නැති එක . මයික් එකත් අරගෙන, කැමති සිංදු තෝරලා , display එකේ යන සින්දුව තමන් කැමති විදියට කියන්නයි තියෙන්නේ .

 

      

 

ජපානයේ , කොරියාවේ ඇයි කැරෝකේ තියෙන්නේ ??

අද ලෝකය තුල ජීවත් වෙන මිනිස්සු බොහොමයක් හරිම කාර්යබහුල ජීවිත ගත කරන්නේ කියල අපි හැමෝම දන්නවනේ . ඉතින් , ඒ කාර්යබහුල , පීඩාකාරී තත්වයෙන්   මිදිලා , මනස සැහැල්ලු කරගන්න ඕනේ නිසා   ජපන් ජාතිකයින් , කොරියන් ජාතිකයින් මෙවැනි දේ භාවිතා කරනවා .

ඇත්තටම අපි ජීවිත ගත කරද්දී අපටම තේරෙනේව   අපි ගත කරන්නේ කොයි තරම් අවිවේකි ජීවිතද කියල . ඒ තත්වෙන් ටික වෙලාවකට හරී මිදෙන්න අපේ රටෙත් මේ වගේ දේවල් තිබ්බ නම්…..

        

 

මගේ අත්දැකීම ….

මා හටද කොරියාවේ සංචාරය කරන විට , නොරෙපන් යාමට අවස්තාවක් ලැබුණි . එසේ හෙයින මා නොරේ පන් ගොස් , සිංදු කියමින් , නටමින් විනෝදකාමී විදියට ඒ කාලය ගත කළා . මතක් වෙද්දීත් හරිම අපුරු හැගීමක් හිතට එන්නේ .

 

 

        

අපේ රටෙත් කැරෝකේ , නොරෙපන් තිබුණා නම් ….

අපේ රටෙත් කැරෝකේ , නොරෙපන් තිබුන නම් හොදයි කියල හිතෙන්නේ , අපි ලාන්කික හැමෝමත් ගොඩක් අවිවේකි ජීවිත ගත කරන නිසාත් …, අධ්‍යාපනය හෝ රැකියාව නිසාවෙන් තියන පීඩනය අඩුකරගන්නත් හොද විසදුමක් විදියට .

 

       

 

 

 

 

  • このエントリーをはてなブックマークに追加

Views