හයවෙනි පාඩම
අද පාඩමේ අලුත් වචන
ともだち | tomodachi | යහළුවා |
じてんしゃ | jitensha | පාපැදිය |
うち | uchi | නිවස |
かようび | kayōbi | අඟහරුවාදා |
ガンパハ | ganpaha | ගම්පහ |
キャンヂー | kyandī | නුවර |
いきます | ikims(u) | යනවා |
かえります | kaerimas(u) | ආපසු එනවා |
きます | kimas(u) | එනවා |
අද අපි ඉගෙනගන්න හදන්නේ ජපන් භාෂාවේ එන නිපාතයක් ගැන. …..(e)[ඒ] නිපාතය ගැන..! හිරගනා හෝඩියේ එන へ අකුර අපි උච්චාරණය කරන්නේ he කියලනේ.
එත් නිපාතයක් විදිහට භාවිත කරද්දී (e) [එ] කියලයි කියන්නේ. මේ නිපාතය යනවා,එනවා ,ගිහින් එනවා කියන අවස්ථාවලදී තමයි භාවිත වෙන්නේ. ඒ කොහොමද කියලා අපි බලමු.
“යනවා” ⇒ ~ e ikimas(u).
わたしは ガンパハへ いきます。
watashi wā gampaha e ikimas(u).
මම ගම්පහ යන්නෙමි(යනවා).
මං මුළින් කිව්වනේ [යනවා ,එනවා ,ගිහින් එනවා] කියන තේරුම දෙන අවස්ථා වලදී මේ [ඒ ]නිපාතය භාවිත කරනවා කියලා.තවත් විස්තර කලොත් [වෙත,දෙස,දක්වා ]වගේ අදහසත් එක්කම එන [යනවා ,එනවා ,ගිහින්වා එනවා ] වගේ ක්‍රියා පදයක් එක්කමයි මේ නිපාතය යෙදෙන්නේ.
“එනවා” ⇒ ~ e kimas(u).
わたしは ともだちと にほんへ きました。
watashi wā tomodachi to nihon e kimash(i)ta.
මම යහළුවන් සමඟ ජපානෙට ආවෙමු (අවා).
[to] කියලා කියන්නෙත් නිපාතයක්.මේ වාක්‍යට අනුව to කියලා කියන්නේ “සමඟ”කියන තේරුම.ඒ වගේම kimash(i)ta කියලා කියන්නේ kimas(u) කියන ක්‍රියා පදයේ අතීත කාල ස්වරුපය.
“ගිහින් එනවා” ⇒ ~ e kaerimas(u).
わたしは じてんしゃで うちへ かえります。
watashi wā jitensha de uchi e kaerimas(u).
මම පාපැදියෙන් ගෙදර එනවා.
[de]කියලා කියන්නෙත් නිපාතයක්. යමකින්, මොකක්හරි උපකාරයෙන් එහෙමත් නැත්තම් ගමනාගමනයේදී උපකාරීවන දෑ ගැන කියද්දී තමයි මේ නිපාතය භාවිත කරන්නේ. Kaeru කියලා කියන්නේ “ගිහිල්ලා එනවා” කියන එක.තවත් සරලව කිව්වොත් අපි කියන්නේ පාසල් ගිහින් එනවා,වැඩට ගිහින් එනවා,වගේ වාක්‍ය.අන්න ඒ වගේ මුලින් හිටපු තැනටම ආපහු එනවනම් ඒකට ජපන් වලින් කියන්නේ Kaeru කියලා.
දැන් අපි බලමු උදාහරණ වාක්‍ය කිහිපයක්.ඒ ප්‍රශ්නාර්ථ වාක්‍ය වලට උත්තර දෙන විදිහත් තියෙනවා.
- なんで キャンヂーへ いきますか?
nann de kyandii e ikimas(u)ka?
මොකෙන්ද නුවර යන්නේ? - バスで 行きます。
basu de ikimas(u).
බස් එකෙන් යන්නේ.
- かようび どこへ いきましたか?
kayōbi doko e ikimash(i)taka?
අඟහරුවාදා කොහේ හරි ගියාද? - どこへも いきませんでした。
doko emo ikimasendesh(i)ta.
කොහෙවත් ගියේ නෑ.
මෙතනින් අද පාඩම ඉවරයි.ආයෙත් අලුත් ජපන් පාඩමකින් හම්බෙමු.