Japanese

සකුරා මල් පිපි දේශය සිහිනෙන් දැක්කෙමි ….

  • このエントリーをはてなブックマークに追加

   සිහිනය …..

එදා ලස්සනට ඉර පායලා තිබ්බ සුන්දර දවසක් . මාත් ගොඩක් අසාවෙන් ඒ මල් ගොමුවකින් පිරිලා තිබ්බ ලස්සන පරිසරය බලන්න ගියා . ඒත් මන් බලාපොරොත්තු වුණ විදියට කිමෝනා අන්ද ගත්තු ලස්සන කාන්තාවන් මට දකින්න හම්බවුණේ නෑ . හිතට පොඩි දුකකුත් ඇති වුණා .

ඒත් ඒ උද්‍යානය තුල දකින්න ලැබුණු සකුරා මල් වලින් මගේ හිත පිරිලා ඉතිරිලා යන්න ලොකු වෙලාවක් ගත වුණේ නෑ . ඔෂින් නාට්‍යයේ හිටපු ඔෂින් ව මම හැම තැනම හෙව්වත් එයාව නම් මට හම්බුනේ නෑ . ඒත් මොකක් හරි හොයන්න වගේ මන් උද්‍යානයේ හැම කොනකම ඇවිද්ද .

 

 

 හනමිචි දිගේ ඉදිරියට ඇදුණු මා ….

හනමිචි දිගේ මන් ගොඩක් දුර ඇවිදන් ගියා . ඒ යන අතරමග හොඳ විමසිල්ලෙන් ගියා වුණත් , කිමෝනෝ ඇඳගත්ත යුවතියන් හෝ ඔහයෝ ගොසයිමසු කියලා ඔලුව නවල ආචාර කරන කාවවත් දකින්න පුළුවන් වුණේ නෑ . පොඩි දුකකුත් හිතේ තියන් තවත් ඉස්සරහට ගියා .

දැනුණු ගමන් මහන්සිය නිසාම අවන්හලක් වෙත ගියපු මම කෝෆි බීමක රස වින්දෙමි . අනතුරුව , වෙනත් මාවතකට පිවිසුන මා එහිදී දුටු දෙයින් විස්මයට පත් වුයෙමි . සතර අතින් මට දකින්න ලැබුණේ කිමෝනෝ ඇඳගත්ත දැකුම්කලු යුවතියන් .

 

    

 

 

 කාලය කෙමෙන් ගෙවී ගොස් උදා වූ ශීත ඍතුව ….

මුළු පරිසරයම හිම කබායක් ඇඳගත් වලසෙකු ලෙසින් මට දිස්වුණා . මාවත් දිගේ ඇවිද යන පිරිස එතරම් දැකගත හැකි නොවුයේ , පාසල් නිවාඩු කාලය   නිසා යයි මා යම් උපකල්පනයකට එළබුණා . මා සිටියේ සීත කබායන් 2ක් පමණ ඇඳගත් විලසිනි .

කෙසේ නමුත් , මෙය මට බොහෝ වෙනස් අත්දැකීමක් වුණා . ඒ සුන්දරත්වයට , පරිසර අනුවර්තනයට මා වශිවූ බව කීවොත් මා නිවැරදි යි සිතනවා . හිම ක්‍රීඩා යෙදුණු ළමුන්ද දැකගත හැකි වු නිසා , මාද එයට මහත් ලෝභ වූ බව කිව හැකිය .

 

     

 

 සජීවී මාමද , මේ ජපානයේ සිටින්නේ !!!!!!

තැනින් තැන යුකත ඇඳුමින් සැරසුණු පිරිමින් විනෝද වෙමින් සකේ පානය කරන අන්දම බලා සිටි මා සැනෙකින් තිගස්සීමට ලක්වුයේ   මගේ හිස මතට වැටුණු සකුරා මල නිසාවෙනි . කිමෝනාවක් ඇඳ සිටි මට අවානක්ද රැගෙන රංගනයේ යෙදෙන්නට සිතුණි .

 

     

 

 

   පියවි සිහියට පැමිණි මා….

සකුරා මලින් පිරි උද්‍යානය , ජපන් තේ පැන් උත්සවය , වසන්ත ඍතුවේ ලස්සනට පිපුණු මල් මාවත් , මග දෙපස සිටි පෙම් යුවල් , කබුකි රඟ ශාලා සියල්ල මැද , මාද පියමන් කරමින් සිටියදී , හදිසියේ මා මුව ගැටුණු ඔෂින් නම් වූ නාට්‍ය යේ ප්‍රධාන නිළිය නිසාවෙන් මා සතුට දරාගත නොහැකිව කෑගැසුණි .

සිහිනයකි !!!! සැබවින්ම සිහිනයකි මා දැක ඇත්තේ ……???  -මා පියවි සිහියට ආවේ එවිටය . මෙතෙක්වෙලා මා සිහිනෙන් හෝ අතීත ජපානයට යාමට හැකිවීම ගැන මහත් සතුටට පත් වුණි .

 

 

 

 

  • このエントリーをはてなブックマークに追加

Views