Culture

Would you like to go to Disneyland?

  • このエントリーをはてなブックマークに追加

             ඩිස්නිලන්තය බලන්න යන්න කැමතිද?

තෝකියෝ ඩිස්නිලන්තය ජපානයට යන කෙනෙක් අනිවාර්යයෙන් නරඔන්න යන තැනක්. විශේෂයෙන්ම වාර්ෂිකව විශාල සංචාරකයින් පිරිසක් පැමිණෙන ආකර්ෂණීය විනෝද උද්‍යානයක් ලෙස හදුන්වන්න පුළුවන්.

පොඩිකාලෙ අපි බලපු කාටූන්වල හිටපු සින්ඩරෙල්ලා, ස්නෝවයිට්, ඇලඩින්, මිකීමවුස් වගේ ආදරණීය චරිත එක්ක කාලය ගත කරන්න, ඡායාරෑප ගන්න වගේම Roller Coaster එකේ හිතාගන්නවත් බැරි තරම් වේගයෙන් යන්න පොළව යටට බිහිසුනු චාරිකාවක් යන්න කවුද අකමැති?

        

ඩිස්නිලන්තය තෝකියෝවේ චිබා හි මයිහමා දුම්රියපළ ආසන්නයේ  අක්කර 115ක පමණ විශාලත්වයකින් යුතුව නිර්මාණය කර තිබේ. ඩිස්නි සී හා ඩිස්නිලන්තය ලෙසින් ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතයි. මෙහිදී තමාගේ කැමැත්ත පරිදි තෝරාගතහැකි පැකේජ රාශියක් ඇති නිසා කුමන වයසක කෙනෙකුට වුවත් ඇති තරම් විනෝද වෙන්න පුළුවන්.

             ඩිස්නිලන්තය (Disneyland)

ඩිස්නිලන්තය මූලික  තේමා හතකින් සමන්විතයි ඒවා නම්,

World Bazzar – මූලික පිවිසුම වන අතර සාප්පු සංකීර්ණයකින් ද සමන්විත වේ

Adventure Land – මෙහිද New orleans square හා jungle ලෙසින් ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වේ

Western Land – පැරණි බටහිර තේමාකොට ගනිමින් නිර්මාණය කර

Critter Country,  Fantasy Land,   Toon Town,   Tomorrow Land ආදියයි.

 

            ඩිස්නි සී (Disney Sea)

ඩිස්නිලන්තය මෙන්ම මෙහිද විවිධ තෙමාවන් හතක් යටතේ නිර්මාණය කර තිබේ එනම්,

Mediterranean Harbor

Mysterious Island          

Mermaid Lagoon

Arabian Coast

Lost River Delta

Port Discovery

American Waterfront ආදියයි.

මෙහිදී Mediterranean Harbor කොටස තුළදී පැමිණෙන සංචාරකයින්ට වැනිසීයේ ගොන්ඩෝලා බෝට්ටු පැදීමේ අවස්ථාව උදාකර දී තිබේ. තවද ඇලඩින් සහ පුදුම පහන, දියකිදුරියන් විවිධ මුහුදු ජීවීන්ගේ චරිත ඇසුරින් නිර්මාණය කරන ලද කාටූන් ච්ත්‍රපට, Roller Coaster  හා පොළව යටට ගමන් කරන බිහිසුනු චාරිකා ආදියෙන්ද සමන්විත වේ.

             

ගෙදර අයත් එක්ක, යාළුවොත් එක්ක විනෝද වෙන්න නම් යන්න තියෙන හොඳම තැන තමයි ජපානයේ තෝකියෝ ඩිස්නිලන්තය! එහෙම නේද….

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views