Culture

ජපානය කියූවිට සිතට නැගෙන්නේ කුමන රටක් ලෙසටද?

  • このエントリーをはてなブックマークに追加

ජපානය කියූවිට සිතට නැගෙන්නේ කුමන රටක් ලෙසටද? පොහොසත් රටක් ලෙසද? ආගමික රටක් ලෙසද?භූගෝලීය වශයෙන් හා සොභාව සෞන්දර්‌‍‍‌‌‍ය අතින් ඉහල රටක් ලෙසද?එවැනි විවිධ අදහස් පැමිණිය හැකි වුවත් බොහෝ දෙනා ජපානය හදුන්වන්නේ කාර්මික රටක් ලෙසටය.එසේ සීතීමට හේතුව ජපානයේ ඉතිහාසයවත් සාහිත්‍යවත් නොව ජපානයේ ඇති රථවාහන කම්හල් හා විදුලි භාණ්ඩ නිෂ්පාදන ආයතන නිසාවෙනි.

මේ වනවිට ලංකාවේද බොහෝ ලෙස ජපන් භාණ්ඩ ප්‍රසිද්ධියට පත්ව තිබෙන අතර බොහෝ නගරවල ජපන් කර්මාන්තශාලාවල නම් සහිත දැන්වීම් පුවරුද දක්නට ලැබේ.උදාහරණයක් ලෙස Toyota, Nissan ආදි වූ රථවාහන කර්මාන්තශාලා නම්ද Honda, Yahama ආදී වූ මෝටර් බයිසිකල් කර්මාන්තශාලාද Canon, Mita ලෙස හැදින්වෙන ආයතනද නිවාස තුල Sony, Panasonic නිෂ්පාදන ආයතනහි TV වැනි භාණ්ඩද භවිතා වේ.මෙලස බොහෝ ජපන් භාණ්ඩ භාවිතා කරන රටක් ලෙස  ජපනය කාර්මික රටන් ලෙසට නම් කිරීම සාමාන්‍ය සිදු වීමකි

 ජපානය මෙලෙස කාර්මික රටක් ලෙස නැගී සිටියේ කෙසේද?

විවිධ හේතුන් කිහිපයක් විමසා බලමු.මුලින්ම ජපානයේ භූමිය පටුය, එමෙන්ම කෘෂිකාර්මික කටයුතු කිරීමටද ඇතැම් ප්‍රදේශවල අපහසුය,එමෙන්ම යකඩ හා ඛනිජ තෙල් ආදී වූ ස්වභාවික සම්පත් සුළු වශයෙන් තිබුනත් ඒවා විදේශ රටවල් වලට අපනයටන කිරීමට නොහැකිය. එහි ප්‍රතිපලයක් වශයෙන් ජපානයට ලෝකය තුල ජීවත් වීමට විදේශ රටවල් වලින් කාර්මික අමුද්‍රව්‍ය ආනයනය කොට එමහින් කාර්මික භාණ්ඩ නිෂ්පාදනය කර ඒවා අපනයනය කිරීමට ක්‍රමයක් සොයා ගැනීමට සිදුවිය.එවන් කාර්මික රටක් වීමට විද්‍යාව හා තාක්ෂණය දියුණු කර ගැනීමට සිදුවිය.

වෙවැනි හේතු කරණා බොහෝ අතර ජපනුන්ගේ වැඩ කිරීමට ඇති කැමැත්ත ප්‍රමුකත්වයක් ගනී.එය මුළු ලෝකයම දන්නා කරුණකි. එවැනි විවිධ කරුණු ඔස්සේ ජපානයේ කාර්මික සංවර්ධනය දිගින් දිගටම වර්ධනය වූ බව කිව හැකිය.ජපන් ජාතිකයන් ඉතා කුඩා දෙයක් පිළිවදව වුවද කල්පනාකාරී වන අතර ඕනෑම දෙයක් ඉතා වුවමනාවෙන් කිරීමට සමත්ය.එසේ වූ සියුම් දේවල් නිෂ්පාදන කිරීමට ජපන් ජාතිකයන් දක්වන්නේ පුදුම සහගත වූ දක්ෂත්වයකි. එමගින් Radio, TV, Camera මෙන්ම ඔරලෝසු වැනි නිෂ්පාදන බිහිවුනි. 

ජපන් ජාතිකයන් අතීතයේ සිටම තම ජීවිතය පහසු කර ගැනීමට විවිධ දේ නිෂ්පානය කර භාවිතා කිරීමට සමත්ය. එවැනි යන්ත්‍රසුත්‍ර හා කාර්මික රොබෝවරු සහ විද්‍යුත් තාක්ෂණික බොහෝ විශේෂාංග සංකලනයක් සමග ජපන් වාහන ලොව පුරා ආනයනය කරන අතර එලෙසම ලොව පුරා විවිධ කර්මාන්ත ශාලා වල ජපන් වාහන නිෂ්පාදනය  වේ.

අතීතයේ ලද අත්දැකීම් ඔස්සේ නිෂ්පාදනයේදී ඇතිවන පාරිසරික ගැටළු වලක්වා නව ක්‍රම වර්ධනය කරමින් සිටි. පරිසර සංරක්ෂණය සදහා අවශ්‍ය උසස් තාක්ෂණය ප්‍රයෝජනයට ගැනීම සෑම වර්ගයේ කර්මාන්ත ආයතනයක් මගින්ම සංවර්ධනය කරමින් සිටි.

 

 

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views