Japanese

How to learn Japanese easily – Lesson 12 (second part)

  • このエントリーをはてなブックマークに追加

                                ජපන් බසින් ගණන් කරමු.

 තකහෂි ජපන් භාෂා ආයතනය මඟින් හදුන්වා දුන් “පහසුවෙන් ජපන් ඉගෙන ගන්නට නම්” පොතෙහි එකොළොස්වන පාඩම දක්වා  අපි මීට පෙර ලිපි වලින් ඉදිරිපත් කළා . දොළොස්වන  පාඩමේ ඇතුළත් වන්නේ ජපන් භාෂාවෙන් ගණන්  කිරීම සිදු කරන ආකාරයයි. ජපන් භාෂාවෙන් ගණන්  කිරීම සිදු කරන  විට එය භාණ්ඩ , සතුන් , මිනිසුන් ආදී වශයෙන් එකිනෙකට වෙනස් වේ .මෙම පාඩමේ පළමු කොටසින් මිනිසුන්, පැතලි දේවල් ,රවුම් හැඩති දේවල් හා කුඩා සතුන් ගණනය කරන ආකාරය ඉදිරිපත් කළා. පාඩමේ දෙවන කොටස මෙතැන් සිට ඉගෙන ගනිමු. පෙර ඉදිරිපත් කරපු ලිපි වගේම මෙම ලිපියෙත් දොළොස්වන පාඩම පිළිබඳව බොහොම කෙටි හැදින්වීමක් තමයි තියෙන්නේ. නමුත් පොත තුළ නිදසුන් සහිතව වඩාත් විස්තරාත්මකව ඉදිරිපත් කරලා තියෙනවා.
                                             දොළොස්වන පාඩම (දෙවන කොටස)

1.5 සිලින්ඩරාකාර  දේවල් ගණන් කිරීම (  පැන්සල් ,  කුඩ , ගස් , බෝතල් , සිගරට් ,  කෙසෙල් ගෙඩි , )

 

いっぽん Ippon  එකයි
にぽん Nipon දෙකයි
さんぼん Sanbon තුනයි
よんほん Yonhon හතරයි
ごほん Gohon පහයි
ろっぽん Roppon හයයි
ななほん Nanahon හතයි
はっぽん Happon අටයි
きゅうほん Kyūhon නවයයි
じゅっぽん juppon දහයයි

 

          A:   ここに バナナが なんぼん ありますか?
                  Kokoni banana gā nanbon arimas(u)ka?
                  මෙතන කෙසෙල්ගෙඩි කීයක් තිබේද?
         B:    にぽん あります。
                  nipon arimas(u).
                  දෙකක් තිබේ.

1.6   පිරුණු  භාජන ගණන් කිරීම. 

      

いちはい Ichihai එකයි
にはい Nihai දෙකයි
さんばい Sanbai තුනයි
よんはい Yonhai හතරයි
ごはい Gohai පහයි
ろくはい Rokuhai හයයි
しちはい Shichihai හතයි
はちはい Hachihai අටයි
きゅうはい Kyūhai නවයයි
じゅうはい  jūhai දහයයි

 

A:   ジュースを なんばい のみましたか。

Jūsu wō nanbai nomimash(i)taka?

බීම වීදුරැ කීයක් බිව්වද?

 

B:  にはい のみました。

Nihai nomimash(i)ta.

දෙකක් බිව්වා.

 

 

1.7  සඟරා , පොත්පත්  ගණන් කිරීම.

 

いっさつ Issatsu පොත් එකයි
にさつ Nisatsu        පොත් දෙකයි
さんさつ Sansatsu පොත් තුනයි
よんさつ Yonsatsu පොත්  හතරයි
ごさつ Gosatsu        පොත්   පහයි
ろくさつ Rokusatsu පොත් හයයි
ななさつ Nansatsu පොත්  හතයි
はっさつ hassatsu පොත්   අටයි
きゅうさつ Kyῡsatsu පොත් නවයයි
じゅっさつ jussatsu පොත්  දහයයි

 

A :   つくえの うえに ざっしが なんさつ ありますか。

Tsukue no ue ni zashshi gā nansatsu  arimas(u)ka  ?

මේසය උඩ සඟරා කීයක් තිබෙනවද ?

 

B:   にさつ あります。

Nisatsu arimas(u) .

දෙකක් තිබේ .

 

 

 

 

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views