Japanese

How to learn Japanese easily – Lesson 12 (Forth part)

  • このエントリーをはてなブックマークに追加

      ජපන් බසින් ගණන් කරමු.

තකහෂි ජපන් භාෂා ආයතනය මඟින් හදුන්වා දුන් “පහසුවෙන් ජපන් ඉගෙන ගන්නට නම්” පොතෙහි එකොළොස්වන පාඩම දක්වා  අපි මීට පෙර ලිපි වලින් ඉදිරිපත් කළා . දොළොස්වන පාඩමේ ඇතුළත් වන්නේ ජපන් භාෂාවෙන් ගණන්  කිරීම සිදු කරන ආකාරයයි ජපන් භාෂාවෙන් ගණන්  කිරීම සිදු කරන විට  භාණ්ඩ , සතුන් , මිනිසුන් ආදී වශයෙන්  ගණන් කරන ආකාරයන් වෙනස් වේ. දොළොස්වන පාඩමේ පළමු දෙවන හා තෙවන කොටස් වලින් විවිධ ගණන් කිරීමේ ක්‍රම  ඉදිරිපත් කළා ඔබට මතක ඇති. දොළොස්වන පාඩමේ හතරවන කොටස මගින් ගොඩනැගිලි වල තට්ටු ගණනය කරන ආකාරයත් කුට්ටම්/ජෝඩු ගණන් කරන ආකාරයත් ඉගෙන ගනිමු.  පෙර ඉදිරිපත් කරපු ලිපි වගේම මෙම ලිපියෙත් දොළොස්වන පාඩම පිළිබඳව බොහොම කෙටි හැදින්වීමක් තමයි තියෙන්නේ. නමුත් පොත තුළ නිදසුන් සහිතව වඩාත් විස්තරාත්මකව ඉදිරිපත් කරලා තියෙනවා.
                     දොළොස්වන පාඩම (හතරවන කොටස)

1.10  ගොඩනැගිලි තට්ටු ගණන් කිරීම

 

いっかい Ikkai එකයි
にかい Nikai දෙකයි
さんがい Sangai තුනයි
よんかい Yonkai හතරයි
ごかい Gokai පහයි
ろっかい Rokkai හයයි
ななかい Nankai හතයි
はちかい Hachikai අටයි
きゅうかい Kyῡkai නවයයි
じゅっかい jukkai දහයයි

 

ㇾストランは なんがい ですか。

Resutoran wā nangai  des(u)ka ?

අවන්හල කීවෙනි තට්ටුවද ?

                                            

 

 

 1.11  කුට්ටම්  ගණන් කිරීම ( මේස් , සපත්තු ) 

 

いっそく Issoku කුට්ටම්  එකයි
にそく Nisoku කුට්ටම් දෙකයි
さんぞく Sanzoku කුට්ටම් තුනයි
よんそく Yonsoku කුට්ටම් හතරයි
ごそく Gosoku කුට්ටම් පහයි
ろくそく Rokusoku කුට්ටම් හයයි
ななそく Nanasoku කුට්ටම් හතයි
はっそく Hassoku කුට්ටම් අටයි
きゅうそく Kyῡsoku කුට්ටම් නවයයි
じゅうそく jῡsoku කුට්ටම් දහයයි

 

くつは なんぞく ですか。

Kutsu wā nanzoku  des(u)ka ?

සපත්තු කුට්ටම් කීයද ?

 

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views