Japanese

How to learn Japanese easily – Lesson 13

  • このエントリーをはてなブックマークに追加

         පහසුවෙන් ජපන් ඉගෙන ගනිමු

 තකහෂි ජපන් භාෂා ආයතනය මඟින් හදුන්වා දුන් “පහසුවෙන් ජපන් ඉගෙන ගන්නට නම්” පොතෙහි දොළොස්වන පාඩම දක්වා  අපි මීට පෙර ලිපි වලින් ඉදිරිපත් කළා . දහතුන්වන පාඩමේ ඇතුළත් වන්නේ ජපන් භාෂාවෙන් යම්කිසි දෙයක් පිළිබඳව සංසන්දනාත්මකව ප්‍රකාශ කරන ආකාරයයි.  පෙර ඉදිරිපත් කරපු ලිපි වගේම මෙම ලිපියෙත් දහතුන්වන පාඩම පිළිබඳව බොහොම කෙටි හැදින්වීමක් තමයි තියෙන්නේ. නමුත් පොත තුළ නිදසුන් සහිතව වඩාත් විස්තරාත්මකව ඉදිරිපත් කරලා තියෙනවා.
                                                 දහතුන්වන පාඩම
  1. ~は~より~です。

     ~~yori ~ des(u).

යම්කිසි පුද්ගලයෙකුගේ හෝ දෙයක ලක්ෂණ සංසන්දනාත්මකව ප්‍රකාශ කරන ආකාරය මෙම  පාඩම තුළ අන්තර්ගත වේ. මෙහිදී යොදාගන්නා

より  (yori) නිපාතය මගින් “වඩා”(යම්කිසි දෙයකට වඩා) යන  තේරුම හඟවයි.

 

ナヤ二さんは ガヤ二さんより バドミントンが じょうずです。

Nayanisan  wā Gayanisan yori badominton  gā jouzu  des(u).

ගයනිට වඩා නයනි බැඩ්මින්ටන් වලට දක්ෂ වේ.

 

 

මෙහිදී ගයනි හා නයනි අතරින් බැඩ්මින්ටන්වලට වඩා දක්ෂ නයනි බව ප්‍රකාශ වේ.

 

  1. ~と~と~どちらが~ですか。

    ~ to ~ to ~ dochira ga ~ des(u)ka.

මෙහිදී යම්කිසි දෙයක් / යම්කිසි ලක්ෂණ දෙකක් හෝ කිහිපයක් අතරින් එක් දෙයකට හෝ ලක්ෂණ සියල්ලට කැමති බව ප්‍රකාශ කරයි. と (to) නිපාතය මගින් සිංහල භාෂාවේ  හා /ද / ත් යන අර්ථයන් හඟවයි.

 

A  :  はると ふゆと どちらが すきですか。

Haru  to fuyu to dochira ga sukides(u)ka?

වසන්ත හා ශීත කාලවලින් වඩා කැමති මොන කාලයටද?

 

B  :  どちらも すきです。

Dochira mo suki des(u).

දෙකටම කැමතියි.

    

 

  1. ~が いちばん~です。

    ~ ga ichiban ~  des(u).

 

යම්කිසි දෙයක් හෝ ලක්ෂණ සමූහයක් අතරින් එක් දෙයක් විශේෂ කොට දැක්වීමේදී භාවිතා කරයි. いちばん(ichiban) යන නිපාතය මගින් “වඩාත් / වඩාත්ම” යන අර්ථය හඟවයි.

 

  •       わたしは  いちご が  いちばん  すき です。
  •        Watashi wā ichigo gā  ichiban suki des(u).

මම වඩාත්ම කැමති ස්ට්‍රෝෙබරි වලට (වේ).

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views